ඖෂධ මිල හා පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනයට වහාම පියවර ගන්න

96

GMOA නිවේදනයකින් ඉල්ලයි

ආර්ථිකය ස්ථාවර වෙමින් තිබුණද පෞද්ගලික රෝහල් ගාස්තු සහ ඖෂධ මිල පහත නොවැටීම විමතියට කරුණක් බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඖෂධ මිල විශාල ලෙස ඉහළ යෑම නිසා රෝගීන් කබලෙන් ළිපට වැටී ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන අනු කමිටුව යළි සක්‍රීය කර නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ ඖෂධ සහ උපකරණ මිල නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත යුතු බවත් එම සංගමය අවධාරණය කරයි. ඖෂධ මිල පාලනය කිරීමට රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් පියවර නොගැනීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද එම සංගමය කියයි. සෞඛ්‍ය ඇමැතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කෙසේ අදහස් දැක්වුවද මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙලාගත් ඖෂධ අර්බුදය විසඳෙන ආකාරයක් නොපෙනෙන බවත් ජාතික රෝහලේ සිට පර්යන්ත රෝහල් දක්වා සියලුම රෝහල් වෙත පැමිණෙන ජනතාව ඖෂධ හිඟය හේතුවෙන් දැඩි අසීරුතාවට පත් වන බවද රජයේ වෛi නිලධාරන්ගේ සංගමය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment