ඖෂධ සංස්ථා සභාපති ධුරයෙන් ළඟදීම යනවා; විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන

321

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සභාපති ධුරයෙන් ඉදිරි දින කිහිපයේදී තමා ඉවත් වන බව විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා දිවයිනට ඊයේ (28 දා) විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසීය.

 තමා ඉවත්වන්නේ පෞද්ගලික හේතු මත බව පැවසූ ඒ මහතා සභාපති ධුරයේ කටයුතු කිරීමේදී ඉහළ සිට පහළට තමාට දැඩි බලපෑම් එල්ල වූ බවද කීය. නමුත් තමා ඉවත් වන්නේ එම බලපෑම් නිසා නොව පෞද්ගලික සෞඛ්‍ය හේතු නිසා බව පැවසූ ඒ මහතා මෙම තනතුරට ඉදිරියේදී පත්වන පුද්ගලයාටද තමාට හා සමාන බලපෑම් එල්ල විය හැකි බවද පැවසීය.

 උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment