ඖෂධ සඳහාත් මිල සූත‍්‍රයක් ගේනවා – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන

216

ඖෂධ සඳහාද ඉදිරියේදී මිල සූත‍්‍රයක් සකස් කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා පැවසීය. එසේ මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීම මගින් ආනයනික ඖෂධවල මිල පාලනයක් ඇති කළ හැකි බව පැවසූ ඒ මහතා එවිට ඩොලරයේ අගය වෙනස්වන විට ඖෂධ මිල සංශෝධනය කළ හැකි බවද කීවේය.

මේ වන විට රට තුළ හිඟයක් ඇති බවට දේශපාලනඥයන් පවසන ටොසී ඖෂධය මෙරටට ආනයනය සඳහා ඖෂධ නීතිගත සංස්ථාව ඇණවුම් කර ඇත්තේ මීට මාස තුනකට පෙර යැයි කීවේය. පවතින කොරෝනා වසංගතයත් සමග එහි ඉල්ලූම වෙනදාට වඩා ඉහළ යෑම නිසා ඒ ගැන වැඩි කථාබහට ලක්වී ඇතැයිද පැවසූ සභාපතිවරයා, විටමින් සී හිඟය සම්බන්ධවද පවතින්නේ මෙයම යැයි සඳහන් කළේය. කොවිඞ් ආසාදනය වීම පාලනය සඳහා බොහෝ දෙනා විටමින් සී මිලදී ගැනීම නිසා රට තුළ ඊට අසාමාන්‍ය ඉල්ලූමක් වෙළෙඳපොළ තුළ මතුව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් පැවසීය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment