ඖෂධ හා ගෑස්වලින්  ගසාකන යුගයක්  බිහි කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

103

ඖෂධ සහ ගෑස්වලින් පවා ගසාකන යුගයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 මේ මොහොත වන විට අපේ රට ඛේදනීය තත්ත්වයකට පොහොට්ටු ආණ්ඩුව විසින් පත්කර ඇති බවත්, අදූරදර්ශී මිථ්‍යාව මත පදනම් වූ ගමනක් තුළ රටම සරණාගතයන් බවට පත්කර ඇති බවත් මේ තත්ත්වයෙන් ගොඩඒමට හැකි එකම විකල්පය ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස්, නිවහල් මහජන අරගලයක් පමණක් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

 රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ නොහැකි, ජනතාව ආරක්ෂා කිරීමට නොහැකි රජයකින් පලක් නොමැති බව පැවැසූ විපක්ෂ නායකවරයා රටේ ඩොලර් සංචිත වැඩිකිරීමට පෙර ඔවුන්ගේ ඩොලර් සංචිත වැඩිකර ගැනීමට උත්සාහ දරමින් සිටින බව ද පැවසීය.

 එසේම මහ බැංකු වංචාවේ දෙවැනි අදියර ලෙස  ගෑස්වලින් විශාල මුදලක් වංචාකර ඇති බවත් කෝප් කමිටුව හමුවේ එම අනාවරණය සිදුවුවත් සියලු තොරතුරු  ජනතාවගෙන් සඟවා ඇති බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

 ඖෂධ හා ගෑස්වලින් පවා ගසාකන යුගයක් නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා රටම ප්‍රතික්ෂේප කළ රාජපක්ෂවරුන්ව ආරක්ෂා කරන දොරටුපාලයින් සහ පටු වාසි වෙනුවෙන් කටයුතු කරන අවස්ථාවාදීන් පිරිසක් සිටින බව ද පැවසීය. ජාතික විද්වත් සභාවේ දිස්ත්‍රික් නියෝජිතවරුන් පත්කිරීම පසුගියදා (25) සිදුවිය. ඒ අනුව දිස්ත්‍රික් නියෝජනය කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන්, මාධ්‍ය ලේකම්වරුන් ඇතුළු නියෝජිතයින්හට මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment