ඖෂධ හිග‍යෙන් රෝහල් බැටකයි

225

දියවැඩියාව, අධිකරුධිර පීඩනය පිළිකා ඇතුළු බෝනොවන රෝග සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍යකර්මවලදී රෝගීන් සිහි නැති කිරීමට භාවිත කරන ඖෂධ ඇතුළු ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් හිඟ වීමෙන් සෞඛ්‍ය සේවාව තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයේ දැඩි අර්බුදයක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා වෛi නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී.වකුගඩු රෝගීන් භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ, රසායනාගාර පරීක්‍ෂණ සඳහා භාවිත කරන රසායනික ප්‍රතිකාරක ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ මෙන්ම මුත්‍රා බට, ස්වසන උපකරණ සම්බන්ධ කොටස්, සේලයින් පවා මෙරට රෝහල් පද්ධතියෙන් දිනෙන් දින අවසන් වෙමින් පවතින බවද එම සංගමය පැවසීය.මීට අමතරව රෝහල් තුළ නේවාසික රෝගීන් සඳහා සපයන ආහාර වෙනුවෙන් සිදු කරනු ලබන ගෙවීම් පවා නතර වන තත්ත්වයක් මතුව ඇති බවත්, රෝගී සත්කාරක සේවාව ගුණාත්මකව පවත්වා ගැනීමට නම් වෛiවරුන් ඇතුළු සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයට අත්‍යවශ්‍ය මෙන්ම නියමිත මොහොතේ රෝහල් කරා පැමිණිය යුතු බවද එම සංගමයේ ලේකම්, වෛi ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුත් සෞඛ්‍ය ලේකම්වරයාට යොමු කළ ලිපියෙහි සඳහන් වේ.

 සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment