ඖෂධ හිඟයට විරෝධය පළ කරමින් වෛද්‍යවරු කරාපිටියේදී පත්‍රිකා බෙදති

40

ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ඖෂධ හිඟයට විරෝධය පළ කරමින් ඊයේ (25 දා) ගාල්ල, කරාපිටිය රෝහලේ දී ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදීමේ වැඩසටහනක නිරත වුහ.

කළු සතියට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාකාවේ සම ලේකම් දිනේෂ් යාපා මහතා මෙසේ පැවසීය

ඖෂධ හිඟය නිසා රෝගීන්ට අහිතකර බලපෑම් ඇති වෙලා තියෙනවා. මෙය සිදු වෙලා තියෙන විනාශයට විරුද්ධව අපි කළු සතිය ආරම්භ කළා. අපිට රෝගීන්ට අවශ්‍ය ඖෂධ අවශ්‍ය විදියට දෙන්න බෑ. ඖෂධවල හිඟයක් ඇතිවෙලා තියෙනවා. මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලැබෙන තුරු අපගේ මේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment