ඖෂධ හිඟයෙන් රෝහල් පණ අදී

62

හදිසි ප්‍රතිකාර ඖෂධ හා ශල්‍ය උපකරණත් හිඟයි – GMOA මධ්‍යම කාරක සභික

මාතෘ රෝහල්වල ප්‍රසූත කාර්යයන් සඳහා භාවිතා කරන ඖෂධ, රක්තවේදයට සම්බන්ධ ඖෂධ, හදිසි ප්‍රතිකාර හා ශල්‍ය උපකරණවල සහ අක්ෂි කාචවල දැඩි හිඟයක් සමස්ත රෝහල් පද්ධතිය තුළ පවතින බැව් රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික හා දකුණු පළාත් සම්බන්ධීකාරක වෛi උභය බණ්ඩාර වරකාගොඩ මහතා පවසයි.

මෙම තත්ත්වය නිසා සමස්ත රෝහල් පද්ධතියම කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බව ද වෛi උභය බණ්ඩාර වරකාගොඩ මහතා පෙන්වා දෙයි. ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මෙසේ කීවේය.

අක්ෂි කාචවල හිඟය නිසා අසරණ රෝගීන් මෙන්ම අක්ෂි වෛiවරුන් ද ගැටලු රැසකට ලක්වෙලා. අසරණ අම්මා තාත්තාට දෑස් පාදාගන්න අක්ෂි කාචයක් දමා

ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ඒ විතරක් නෙවෙයි. මාතෘ රෝහල්වල ප්‍රසූත කාර්යයන් සඳහා භාවිතා කරන ඖෂධවල හිඟයක් තියෙනවා. අධික ලේ වහනය සඳහා භාවිතා කරන ඖෂධ හිඟයි.

රෝහල් පද්ධතිය තුළ ඇතිවී තිබෙන ඖෂධ හිඟය සහ වෛi උපකරණ හිඟය නිසා ඉතිහාසයේ අර්බුදකාරී වාතාවරණයකට සමස්ත රෝහල් පද්ධතියම ලක්ව තියෙනවා. වගකිවයුතු වෘත්තීය සමිතියක් හැටියට මේ පිළිබඳ බලධාරීන්ට සාධනීය තර්ක, යෝජනා ඉදිරිපත් කළා. නමුත් ඒවා බීරි අලින්ට වීණා වැයීමක් බඳු කටයුත්තක්.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment