ඖෂධ 3 ක් ගන්න දස ගුණයක් ලංසු තබා සමාගමක් ලක්‍ෂ 680 ක් වංචා කරන්න හදනවා – රවි කුමුදේශ්

142

කහ උණ සහ ඒඩ්ස් වැනි වෛරස ආසාදිත රෝගීන් සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ තුනක් මිලදී ගැනීමට පවතින මිලට වඩා දස ගුණයක ලංසු තබා ඉදිරිපත්ව ඇති සමාගමක්, ඒ හරහා වැඩිපුර රුපියල් ලක්‍ෂ 680 ක් ලබාගැනීමට ක්‍රියාකරන බව, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේශ් මහතා පවසයි.

ආසියානු සංවර්ධන අරමුදලින් මිලදී ගැනීමට ඉල්ලුම් කර ඇති මෙම ඖෂධ සඳහා ඉදිරිපත්ව සිටින මෙම සමාගම, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී නොමැති වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් එම සමාගමට අනුමැතිය දීමට උත්සාහ කරන බව ද හෙතෙම කියා සිටී.

කහ උණ, ඒඩ්ස් වැනි වෛරස ආසාදිතයන් වෙනුවෙන් ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වන

ගැන්සයික්ලෝපයප්‍රති වෛරස එන්නත, ලිනසොලිඩ් ප්‍රතිජීවක ඖෂධය සහ කොලිස්ටිමෙනේට් ප්‍රතිජීවක එන්නත මෙසේ මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැදවා තිබේ. වැඩිම ලංසුව තැබූ සමාගමෙන් එම ඖෂධ ලබාගැනීම සඳහා අඩු ලංසු තැබූ සමාගම් සරල තාක්‍ෂණික කාරණා මගින් ඉවත් කරවා ගැනීමට ඇතැම් නිලධාරීන් කටයුතු කර ඇතැයි ද ඒ මහතා පවසයි.

ගැන්සයික්ලෝපයර් එන්නත රුපියල් 7000කට ලබාගෙන සාමාන්‍ය ඔසුසලකින් රුපියල් 9000 කට අලෙවි කළ හැකි වුවත් මෙම සමාගම එම ඖෂධය මිලදී ගැනීමට උත්සාහ දරන්නේ රුපියල් 77000 කට බව ද හෙතෙම පවසයි.

ලිනසොලිඩ් එන්නත දැනට සපයන්නේ රුපියල් 200 කට වුවත් එම ඖෂධය රුපියල් 22000 කට මිලදී ගැනීමට සමාගම කටයුතු කරන අතර කොලිස්ටිමෙනේට් ප්‍රතිජීවක ඖෂධය ද මිලදී ගැනීමේ අඩුම ලංසුව ලෙස තබා ඇති රුපියල් 1200 ක මුදල පසෙකට දමා 2200 ක වැඩිම ලංසුවට ලබාදීමට පියවර ගෙන ඇති බවට ද හෙතෙම චෝදනා කරයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment