කංජිපානිගේ ඇපකරුවන් 3කට සිතාසි

640

ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු බව කියන මොහොමඩ් අහම්මද් නජීම් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා වෙනුවෙන් තම අධිකරණය හමුවේදී ඇප බැඳුම්කරවලට අත්සන් තැබූ පුද්ගලයන් තිදෙනකුට වහාම තම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (4දා) නියෝග කළේය.

කංජිපානි ඉම්රාන් නමැත්තාට එරෙහිව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවක් ඊයේ (4දා) කැඳවූ අවස්ථාවේ පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ සැකකරු හෝ ඇපකරුවන් කිසිවකුත් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඇපකරුවන් විසින් අධිකරණයට ලබාදී තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇති බවත් සැකකරු මේ වනවිට රහසිගතව විදේශගතවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment