කංජිපානි ඉම්රාන් අගෝස්තු 26 උසාවියට ඉදිරිපත් කිරීමට නියෝග

304

මිනිස් ඝාතන, මිනිස් ඝාතන සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු සිද්ධීන් රැසකට අවශ්‍ය සැකකරුවකු ලෙස හඳුනාගෙන ඇති ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මොහොමඩ් අහම්මද් නජීම් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා ලබන අගෝස්තු 26 වැනිදා අධිකරණයේ නිරීක්ෂණය සඳහා නැවත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (30 දා) නියෝග කළේය.

ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් නමැත්තා සමඟ රැඳී සිටියදී ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් බූස්ස සිරකඳවුරේ රඳවා සිටියදී පොලිස් විශේෂ බළකායේ හා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවල් මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment