කංසා ගැන පාර්ලිමේන්තු කැන්ටිමේ කථාව සභා ගැබේදී වෙනස්වීම ගැන නි.කථානායක හෙළිකරයි

181


කංසා වගාව රට තුළ ප්‍රචලිත කළ යුතු බවත් එය ඉතා හොඳ වැඩසටහනක් බවත් පාර්ලිමේන්තුවේ කැන්ටිමේ සිට පවසන ඇතැම් මන්ත්‍රීවරු සභාවට විත් ඊට විරුද්ධව කථාකිරීමට තරම් දෙබිඩි වී ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.මෙලෙස දේශපාලන වශයෙන් බෙදී කටයුතු කිරීමෙන් සිදුවන්නේ රට අගාධයට පත්වීමක් බවත් කීවේය.මෙම සම්ප්‍රදාය වෙනස් විය යුතු බවත් අද අය වැයක් ඉදිරිපත් කර විවාද කිරීමට තරම් පාර්ලිමේන්තුවක් රැකගැනීමට වත්මන් ජනාධිපතිවරයා සහ රජය ක්‍රියා කළ බවත් එය සතුටට කරුණක් බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment