කච්චතිව් මංගල්ලයට ඉන්දියානුවන් නැහැ

295


මාර්තු මස 11 හා 12 යන දිනවලදී පැවැත්වීමට නියමිත කච්චතීව් ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට මෙවර ඉන්දීය බැතිමතුන් සහභාගී කර නොගැනීමට තීරණය කොට තිබේ.
කොරෝනා වසංගතය නිසා මෙම කච්චතීව් වාර්ෂික මංගල්ලයට සහභාගී වන ශ්‍රී ලංකාවේ බැතිමතුන් ප්‍රමාණයද සීමා කොට ඇත.
යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිසාපති කාර්යාලයේ පෑවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති අතර මෙවර වාර්ෂික මංගල්ලය පූජාවන්ට පමණක් සීමා කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment