කච්චමලේදී පැති බැම්මට හිරවූ බස් රථයේ එල්ලී ගිය දෙදෙනෙක් එතැනම මරුට – කෝපවූ වතු ජනයා බස් රථයට ගිනි තබයි

425

ගම්පොල පෙරට්ටාසි සිට පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් කාච්චමලේ වීඩන් කොටසේදී අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු මියගොස් ඇති බව පුපුරැස්ස පොලිසිය කියයි.

කච්චමලේදී පැති බැම්මට හිරවූ බස් රථයේ එල්ලී ගිය දෙදෙනෙක් එතැනම මරුට - කෝපවූ වතු ජනයා බස් රථයට ගිනි තබයි

මෙසේ මියගොස් ඇත්තේ පෙරට්ටාසි රම්බොඩ පදිංචි සුරේන්ජිත් පුෂ්පකුමාර් (අවුඃ39) අයෙක් හා හෙල්බොඩ උතුර කටුකිතුල පදිංචි විජය කුමාර් කවිෂ්කර් (අවුඃ20) නැමැති දෙදෙනෙකි.

පවතින ඉන්ධන හිඟය සමග ගමන් බිමන් යෑමට වාහන කිසිවක් නොමැති පිරිස මෙම බසයේ දොරේද එල්ලී පැමිණ ඇති අතර ඔවුන් සමග මෙම බස් රථය වීඩන් ප්‍රදේශයේදී මාර්ගයේ පැති බැම්මට හේතු වී තිබේ. ඒ සමගම එයට සිරවී ඇති මෙම දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් සිටි බව පොලිසිය පවසයි. මෙම බස් රථයේ මගින් අසූවක් පමණ ගමන් කොට තිබේ

සිද්ධිය සමග එම ස්ථානයට පැමිණි විශාල වතු ජනයා කෝපයට පත්ව පසුව බස් රථයට ගිනි තැබීම නිසා මෙම බස් රථයද සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබේ. බස් රථයේ ඇතුලේ සිටි කිසිවකුට හානි සිදුවී නොමැති අතර දොරේ එල්ලී ආ තවත් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. බැම්මට හා බස්රථයට සිරවී සිටි දෙදෙනා පිටතට ගැනීම සඳහා පැයක් පමණ ගත වී තිබේ.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක, පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ, සහකාර පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන නිලධාරීන්ගේ උපදෙස් මත පුපුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝ රංජන මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment