කජීමාවත්තේ ගින්න ගැන වාර්තාවක් අගමැති ඉල්ලයි

136

මෝදර මාදම්පිටිය කජීමාවත්තේ නිවාස ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවසාන වාර්තාවක් කඩිනමින් සකසන ලෙසල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාල ඒ සඳහා පත් කෙරුනු කමිටුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේයග ඒල කොළඹ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට අද (28) පෙරවරුවේ එක්වෙමිනි.
මීට පෙරද වසර එකහමාරක් තුළ තුන් වතාවක් මෙම වත්තේ නිවාස ගිනිගෙන ඇති බවට තොරතුරු අනාවරණ වන නිසා එකල පරීක්ෂණ වාර්තාද සැලකිල්ලට ගෙන අවසාන වාර්තාව සකසන්නැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය

මෙහිදී අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නේල නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම වත්තල ස්ථිර පදිංචි කිරීම්වලට පෙර අතරමැදි නවාතැනක් ලෙස පවත්වාගෙන යාම නතර කිරීමට හැකියාව පවතීද යන්න වාර්තා කරන ලෙසයග මෙම ස්ථානයේ අනවසර පදිංචිවීම් බහුල වශයෙන් සිදුවන බවට රැස්වීමේදී තොරතුරු අනාවරණය වීම නිසා මේ සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව ඔහු සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment