රාජ්‍ය ආයතන නඩත්තුවට මුදල් වැය කිරීම නවත්වන්න – ඒවා සෞඛ්‍යයට අධ්‍යාපනයට යොදවන්න

78

එජාප සභාපති වජිර

රාජ්‍ය ආයතන නඩත්තු කිරීමට මුදල් වැය කිරීම නතර කර එම මුදල්වලින් වැඩි ප්‍රමාණයක් රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට යෙදවිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඇතැම් වෘත්තීය සමිති ජාතික සම්පත් විකුණන බවට ප්‍රකාශ කළත් රජය සම්පූර්ණයෙන්ම ව්‍යාපාර කටයුතුවලින් ඉවත්විය යුතු බව තම මතය බව ද ගාල්ලේ ඊයේ (02 දා) පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව 2026 දක්වා කෙටිකාලීන වැඩසටහනකුත් 2032 දක්වා දිගු කාලීන වැඩසටහනකුත්, 2048 වනවිට ශ්‍රී ලංකාව ආසියාවේත්, ලෝකයේත්, ඉහළම තැනකට ඔසවා තැබීම බවත් ඒ මහතා කීය.

නිදහසින් පසු රාජ්‍ය ආයතන නඩත්තු කිරීමෙන් රටට ටි්‍රලියන ගණනක පාඩුවක් සිදුවී ඇති බවත් රටේ මහජනයාට මේ ගැන අවබෝධයක් නැති වුවත් ගොවීන්ට, ධීවරයන්ට, වඩු කාර්මිකයන් වැනි දුක් මහන්සියෙන් හම්බකරන ජනාතාව මේ ගැන තේරුම් ගෙන තිබෙන බවත් අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment