කටානේ ඕමාන ඇඟලුම් කම්හලක යකා නැටූ සිද්ධියේ රාජ්‍ය ඇමැතිත් අල්ලන්න

379

විමල් වීරවංශ ඉල්ලයි

කටාන හල්පේ පිහිටි ඕමාන ඇඟලුම් කම්හලට කඩා වැදී එහි කළමනාකාර අධ්‍යක්‍ෂවරයාට හා ආරක්ෂක නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට වගකිවයුතු ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍යවරයා ද අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කරයි.

මෙවැනි නින්දිත ක්‍රියා මෙරටට එන විදේශ අයෝජකයන් ආපසු හරවා යැවීමට මෙන්ම රටට වැරදි චිත්‍රයක් ඇති කිරීමටද හේතුවන බැවින් සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ද විමල් වීරවංශ මහතා කීය.

එම පහරදීමේ සිද්ධියේදී ඕමාන් ජාතික අබේදානි මහතා තුවාල ලැබීය.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment