කටාරයේ ඩොහා හි පාපන්දු පිටි 7ක් ඉදිකිරීමේ යෙදුණු විදේශ කම්කරුවන් 400 ත් 500 ත් අතර සංඛ්‍යාවක් මරුමුවට පත්වී ඇති බව කටාර් රජය මුල්වරට පිළිගෙන ඇත.
කටාරයේ රාජ්‍ය ලේකම්වරයකු වූ හසන් අල් තවාඩි මේ බව බි්රතාන්ය මාධ්‍යවේදියකු වූ පියරේ මෝගන්ට පවසා තිබේ. ඇතැම් මරණවලට හේතු වී ඇත්තේ හෘදයාබාධ සහ කොරෝනා රෝගය බව ද තවාඩි අනාවරණය කර ඇත. ජාත්‍යන්තර පාපන්දු තරග පැවැත්වීම සඳහා කටාරය ඩොලර් බිලියන 500කට අධික මුදලක් වැයකර තිබේ.
සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය