කටාර්හි සිරබත් කෑ ශ්‍රී ලාංකිකයන් 20 කට රාමසාන් නිසා සමාව

250

කටාර් රාජ්‍යයේ සේවයේ යෙදී සිටියදී විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනකුට රාමසාන් මාසය වෙනුවෙන් සමාව ලබාදී ඇත.

කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි විසින් ශුද්ධවූ රාමසාන් මාසය වෙනුවෙන් රාජකීය ගෞරවයක් වශයෙන් විවිධ රටවල සිරකරුවන් රැසකට සමාව ලබාදී ඇත.

මොවුන් විසින් එරට අධිකරණවලට ගෙවිය යුතු මූල්‍ය දඬුවම්වලින් ද නිදහස් කර තිබේ.

ශ්‍රී ලාංකික පිරිස මුදාහැරීමට පියවර

ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටාර් රාජ්‍යයට ප්‍රශංසාව පිරිනමා ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment