කටාර් ගුවන් යානයක් වායු කැළඹීමකට ලක්වී 12කට තුවාල

189

කටාර් ගුවන් සේවයට අයත් යානයක් දෝහා සිට අයර්ලන්තය දක්වා ගමන් කරමින් තිබියදී වායු කැළඹීමකට ලක්වීම නිසා එහි කාර්ය මණ්ඩලයේ හයදෙනකු සහ මඟීන් හයදෙනකු තුවාල ලබා තිබේ. මේ සිද්ධිය වාර්තා වන්නේ පසුගිය ඉරිදාය.

මීට සතියකට පෙර සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉන්දියන් සාගරයට ඉහළදී වායු කැළඹීමකට ලක්වීම නිසා එක් බි්‍රතාන්‍ය මගියකු මිය ගොස් තවත් 20 දෙනෙක් තුවාල ලැබූහ.

කෙසේ වෙතත් කටාර් යානය ඉරිදා පස්වරු 1.00ට පමණ ඩබ්ලින් ගුවන්තොටුපළ වෙත ආරක්ෂිතව සහ නියමිත පරිදි ගොඩ බස්සවා තිබේ.

තුර්කියට ඉහළින් ගුවනින් ගමන් කරන විට වායු කැළඹීමකට ලක්වීම නිසා මෙලෙස තුවාලකරුවන් වාර්තාවී ඇති බව ඩබ්ලින් ගුවන්තොටුපළ බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කටාර් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මඟීන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් සුළු තුවාල ලබා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි. මෙම සිදුවීම තත්පර 20 කට වඩා අඩු කාලයක් පැවති අතර ආහාර ලබාදෙන අතරතුර සිදු වූ බවත් සඳහන් වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment