කටුනායකින් පැන දිවූ සුද්දා අල්ලයි

770

ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප‍්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු , කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහුව අත්ුඩංගුවට ගැනීමට සූදානම් වන විට , එයින් මිදී පැන දුවන්නට වූ මෙම විදේශිකයා , ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව යමින් සිටියදී , ආගමන විගමන නිලධාරීන් , ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් සිදු කළ ලූ‍හුබැදීමක ප‍්‍රතිඵලයක් ලෙස අල්ලා ගෙන අත් අඩංගුවට ගැනීමට ඊයේ (10) දින අලූ‍යම සමත් වී තිබේ .
මොහු සුදු හම සහිත හැඩි දැඩි විදේශිකයෙකි . ඔහු ඊයේ දින අලූ‍යම 02.45 ට අබුඩාබි ඔස්සේ ප‍්‍රංශයේ පැරිස් වෙත යෑම සදහා ඉටිහාඞ් ගුවන් සේවයේ ඊ.වයි.- 265 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඊයේ දින අලූ‍යම 01.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මෙම විදේශිකයා ගුවන් ප‍්‍රවේශ පත‍්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව , විගමන කවුළුව වෙත පැමිණියේ , තම ලියකියවිලි නිශ්කාශනය කර ගැනීමටය .
එහිදී ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත‍්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමු කර තිබේ .
ඒ අතරතුර මෙම විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප‍්‍රශ්න කිරීම් සිදු කරමින් සිටියදී , එකවරම ඔහු හිදගෙන සිටි පුටුවෙන් නැගිට , පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යන්නට වූයේ , චිත‍්‍රපට දර්ශනයක මෙන් ආගමන විගමන නිලධාරීන් වික්ෂිප්ත කරමිනි .

advertistmentadvertistment
advertistmentadvertistment