කටුනායක ගුවන්තොටුපළට අනුබද්ධිත පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය ඊයේ සිට විවෘතයි – කළමනාකරු සුමුදු සරසිජා

127

තාවකාලිකව වසා දමා තිබූ කටුනායක ගුවන් තොටුපළට අනුබද්ධිත පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය ඊයේ (27 දා) අලූයම 04.30 සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන සහ පිටත්ව යන ගුවන් මගීන් සඳහා විවෘත කළ බව ඒ.ඒ.එස්.එල්. හොස්පිනෝම් වෛද්‍ය රසායනාගාරයේ කාර්යභාර කළමනාකරු සුමුදු සරසිජා මහත්මිය පැවසුවාය.

පූර්ණ එන්නත්කරණයට භාජනය වූ සහ එක් එන්නත් මාත‍්‍රාවක් පමණක් රැුගෙන ශ‍්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සහ ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව යන ගුවන් මගීන් සඳහා මෙම රසායනාගාරය තුළින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ගත හැකි බව සුමුදු සරසිජා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය. මෙහි එක් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 40 ක මුදලක් අය කෙරෙන අතර එම පරීක්ෂණයේ ප‍්‍රතිඵල පැය 03 ක කාලයක් ඇතුළත ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව ද ඇය පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ණ අනුමැතිය යටතේ මෙවර මෙම රසායනාගාරය ආරම්භ කර ඇති අතර, පළපුරුදු, කාර්යක්ෂම රසායනාගාර ශිල්පීන් පිරිසක් මෙම රසායනාගාරය තුළ සේවයට යොදවා ඇති බව ද සුමුදු සරසිජා මහත්මිය පැවසුවාය. විශේෂයෙන් කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව යන ගුවන් මගීන්, මේ නිසා තම ගුවන්යානය පිටත්ව යෑමට නියමිත වේලාවට පැය 06 කට පෙර ගුවන්තොටුපළ වෙත පැමිණිය යුතු බව ද සරසිජා මහත්මිය ප‍්‍රකාශ කළාය. මෙම වෛද්‍ය රසායනාගාරය විවේකාගාරයක් සහ වෛද්‍ය රසායනාගාරයක් වශයෙන් කොටස් දෙකකින් සමන්විත බව ද සුමුදු සරසිජා මහත්මිය පැහැදිලි කළාය. ඒ අනුව පළමුවෙන්ම ඊයේ දින අලූයම 02.15 ට කටුනායක ගුවන්තොටුපළ වෙත, කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්. ආර්.- 668 දරන ගුවන්යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිසක්, පී. සී. ආර්. පරීක්ෂණ සඳහා මෙම රසායනාගාරය වෙත පැමිණ සිටියහ.

ගුවන්තොටුපළ – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment