කටුනායක ගුවන්තොටුපළේ ඉදිකිරීම් වෙනත් පාර්ශ්වයකට පැවරීමක් නෑ!

144
  • ඇමැති නිමල්ගෙන් ජපන් තානාපතිට සහතිකයක්

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ දෙවැනි පර්යන්තයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය ජපානයේ ජයිකා ආයතනය විසින් සිදුකිරීම රජයේ අපේක්ෂාව බවත් කිසිදු හේතුවක් නිසා වෙනත් පාර්ශ්වයක සහායක ලබාගැනීමට අපේක්ෂා නොකරන බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා වෙත ප්‍රකාශ කළේය.

වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා ජපාන තානාපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව පැවසීය.

එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ජපාන රජය ලබාදෙන පූර්ණ සහායට කෘතඥතාවය පළ කරන බව ද කීවේය.

මෙහිදී ජපාන තානාපතිවරයා සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ජයිකා ආයතනය විසින් ආරම්භ කරන බවය.

මෙම අවස්ථාවට ජයිකා ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ අකිමිට්සු ඔකුබො මහතා ඇතුළු ජයිකා ආයතනයේ නියෝජිත පිරිසක් ද වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සහ අතිරේක ලේකම් නයනා සෝමරත්න මහත්මිය ද සහභාගි වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment