කටුනායක ගුවන්තොට ලස්සන කර උස්සයි

444

ඉදිරි වසර 03 ඇතුළත තාක්ෂණයෙන් හෙබි ස්මාර්ට් ගුවන්තොටුපොල ගොන්නට ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ද එකතු කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල තාක්ෂණය සමග බද්ධකරමින් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාව ඊයේ (13) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවත්විණි.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි කාලසීමාව තුළ ගුවන්තොටුපොල විවෘත කොට රටට සංචාරකයන් ගෙන්වාගෙන අපිට අහිමි වූ ඩොලර් මිලියන 04 කට වැඩි විදේශ ආදායම නැවත රටට හිමිකරදීමට කටයුතු කරනවා.

එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ ලක්ෂ 30 කට අධික තරුණ පිරිසට නැවත ඔවුන්ගේ රැකියා සුරක්ෂිතව කරගෙන යාමේ අවස්ථාව අපි උදා කරලා දෙනවා.

ඔවුන්ගේ අහිමි වූ ආදායම් නැවත ඔවුන්ට ලබාගත හැකි වටපිටාවක් අපි නිර්මාණය කරනවා.

ඒ හරහා සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටට ගලා ආ විශාල විදේශ විනිමය ප්‍රමාණය නැවත අප රටට ගලා එන බවට අපි විශ්වාස කරනවා.

අද අපි සාකච්ඡා කළා නව තාක්ෂණයත් එක්ක ලෝකයේ සෙසු රටවල හා සමාන්තරව අපේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලත් ඩිජිටල්කරණය කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න.

ඒ අනුව මේ ගුවන්තොටුපොල හරහා ගමන් කරන මගීන්ට නව තාක්ෂණය යොදාගෙන ඔවුන්ගේ එදිනෙදා ගමන් පහසුකිරීමල කාර්‍යක්ෂම කිරීම හා නව්‍යකරණය කිරීම පිළිබදව වැඩි දුරටත් අපි සාකච්ඡා කළා.

මීළග වසර 03 ඇතුලත තාක්ෂණයෙන් හෙබි ස්මාර්ට ගුවන්තොටුපොල ගොන්නට අපේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොලත්  එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා

advertistmentadvertistment
advertistmentadvertistment