කටුවපිටිය දෙව්මැඳුරේ වන්දි නඩුවට  – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන උත්තර ගොනු කිරීම අතපසු කරලා

313

* උත්තර ගොනු කිරීමේ අවසන් දිනය අගෝස්තු 10 බවට අධිකරණයෙන් දැනුම් දෙයි

මීගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පාස්කු ඉරු දින සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය කිතුනු බැතිමතුන් සහ බරපතල තුවාල ලැබූ වින්දිතයන් වෙනුවෙන් ගොනුකර තිබූ වන්දි නඩු මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ මෙහි ප්‍රධාන වගඋත්තර කරුවන මෛත්‍ර්‍රීපාල සිරිසේන මහතා අදාල නඩුවලට උත්තර ගොනු කිරීමටම සූදානම්ව නොසිටීම නිසා උත්තර ගොනු කිරීමට අගෝස්තු මස 10 වැනි දින ලබා දී එය උත්තර ගොනු කිරීමට ලබා දෙන අවසන් දිනය බව එම වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියට අධිකරණයෙන් දැනුම් දෙන ලදි.

මෙහි සෙසු වග උත්තකරුවන් බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හෙමසිරි ප්‍රනාන්දු, රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධාන ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයාය. මෙම මිලේච්ජ බෝම්බ ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන් විසින් දැනට වසර තුනකට පෙර මීගමුව කටුවපිටිය දේවස්ථානයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී වූ බැතිමතුන් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අතර එයින් 100කට අධික බැතිමතුන් පිරිසක් දේවස්ථානය තුළදී ඝාතනය වූ අතර 250 කට ආසන්න පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත්වූහ. මරාගෙන මැරෙන බෝම්බය එල්ල වන බවට බුද්ධි තොරතුරු ලබා දී තිබියදී එය වළකා ගැනීමට ක්‍රියා නොකර ඔවුන්ගේ රාජකාරී වගකීම් පැහැර හැර ඇති බැවින් මිය ගිය වින්දිතයන් ගේ ඥාතීන් සහ වින්දිතයන් එම වග උත්තර කරුවන්ගෙන් වන්දි අයකර ලබා දෙන ලෙසට ඉල්ලමින් වින්දිතයන් වෙන් වෙන්ව වන්දි නඩු 184ක් මීගමුව දිසා අධිකරණය හමුවේ ගොනු කර ඇත. ඉල්ලා ඇති වන්දි මුදල මිලියන ගණනාවකි.

නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සෙසු වගඋත්තර කරුවන් නඩුවලට උත්තර ගොනු කිරීමට සූදානමින් සිටියත් මෛත්‍රීපාල සිරිසේන මහතාට උත්තර ගොනු කිරීමට ලබා දුන් ඉදිරි දිනයේ එනම් අගෝස්තු 1 වැනිදා ඔවුන්ද උත්තර ගොනුකරන බවට දන්වා ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා ගත්තේය.

මෙහිදී අගතියට පත් වින්දිතයන් වෙනුවෙන් නීතීඥ දිලුම් ප්‍රනාන්දු, නදීකා පෙරේරා සහ ඈන් සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත ඉන්දික අබේකෝන් මහතා සමග ජේ්‍යෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටියේය. වග උත්තර කරුවන් වෙනුවෙන් නීතීඥ ධම්මිකා වික්‍රමාරච්චි, උදානි කරුණාරත්න, ලක්ෂිකා බක්මීවැව සහ ධම්මිකා සිල්වා යන මහත්මීන් සමග නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ. වැඩිදුර විභාගය අගෝස්තු මස 1 වැනි දින පැවැත්වේ.

මීගමුව සමූහ – විමල් කීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment