කටු පඳුරු හා ළඳු කැළෑ නොව මහ ගසුත් කපලා… වැවේ වතුර ලීක් එකක් හොයන්න කටුපඳුරු සහ ළඳු කැළෑ කැපුවා – වාරි ඉංජිනේරුවරිය කියයි

878

”මහියංගණ මාපාකඩ වැවේ, වැව් බැම්මට පහලින් වු රක්ෂිත කොටසේ ගස් කැපීමක් සිදු කර ඇති බවට මාධ්‍ය වාර්ථා පළවුණා. එහි සත්‍යතාව පරීක්ෂා කර බලන්න ආපු අවස්ථාවේ, අපිට නිරීක්ෂණය වුණා මාධ්‍ය වාර්ථා සත්‍ය බවට. මාපාකඩවැව වාරිමාර්ග ඉංජිනේරුවරිය දුරකථනයෙන් සම්බන්ධ කර ගත් අවස්ථාවේ ”කටු ප`දුරු” පමණක් සුද්දකළ බව පැවසුවත් මධ්‍යම ප‍්‍රමාණයේ හා විශාල ප‍්‍රමාණයේ ගස් 30ක් කපා බිම හෙළා ඇති බවට ග‍්‍රාම නිලධාරීවරියත් මට වාර්ථා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපගේ නිරීක්ෂණයට අනුව යම් කිසි වන හානියක් සිදුව ඇති බවපෙනුනා, වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ නිලධාරින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීම ස`දහා යොමු කළා. ” යැයි මහියංගණ ප‍්‍රාදේශීය ලේකම් සංජය ප‍්‍රසාද් වීරසිංහ මහතා පෙරේදා (06) සවස මාපාකඩවැවේ වන විනාශය නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර සිටියේය.

කටු පඳුරු හා ළඳු කැළෑ නොව මහ ගසුත් කපලා... වැවේ වතුර ලීක් එකක් හොයන්න කටුපඳුරු සහ ළඳු කැළෑ කැපුවා - වාරි ඉංජිනේරුවරිය කියයි

වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් ප‍්‍රකාශ කරමින් මහියංගණ ප‍්‍රාදේශීය ලේකම් මෙසේද පැවසීය. මාපාකඩවැවේ වැව් බැම්මට පහලින් රක්ෂිත කොටසේ පිහිටා තිබෙන විශාල ප‍්‍රමාණයේ ගස් කපා බිමහෙළා තිබෙන බව අපි නිරීක්ෂණය කළා. සමහර ගස් ගිනි තබා තිබෙන ආකාරයක් නිරීක්ෂණය කළා. මේ සම්බන්ධයෙන් මාපාකඩවැව වාරිමාර් ග ඉංජිනේරුවරිය දුරකථනයෙන් සම්බන්ධකර ගත්තා. එතුමිය වැව් බැම්මේ ස්ථාන දෙකකින් ජල කාන්දුවක් තිබෙන බවත් එම ජල කාන්දු නිෂ්චිතවම සොයාගැනීම ස`දහා මේ ආකාරයෙන් එළිපෙහෙළි කළ බවක් ඇය මා සමඟ ප‍්‍රකාශ කර සිටියා. ” කටු ප`දුරු ” හා ”ල`දු කැළෑ” පමණක් සුද්ද කළ බවත් එතුමිය ප‍්‍රකාශ කර සිටියා. ගස් කැපූ බවක් එතුමිය දැන සිටියේ නෑ. නමුත් සුළඟට කඩා වැටුණු ගසක් පමණක් කුට්ටි කළ බව ප‍්‍රකාශ කර සිටියා.
 
 මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල වාරි මාර්ග අධ්‍යක්ෂ එතුමියගෙන් වාර්ථාවක් කැ`දවලා තියෙනවා. ඒ අනුව එතුමිය විසින් පිළියෙල කරන වාර්ථාවේ පිටපතක්ද මා වෙත යොමු කරන බව එතුමිය ප‍්‍රකාශ කර සිටියා.
 
 මෙම නිරීක්ෂණ අවස්ථාවට මහියංගණ ප‍්‍රාදේශීය ලේකම් සංජය ප‍්‍රසාද් වීරසිංහ, කාර්යාල නිලධාරීන්, මහියංගණ පොලිසියේ පරිසර ඒකකයේ නිලධාරීන් එක්ව සිටියහ.
 
 මාපාකඩවැව වාරිමාර්ග ඉන්ජිනේරු නදීකා සමන්මලී මහත්මිය හෝ එම කාර්යාලයේ කිසිදු නිලධාරියෙක් මෙම නිරීක්ෂණ චාරිකාව ස`දහා පැමිණ නොසිටියේය.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment