කඩදාසි මිල නහුතෙට නගී! – මුද්‍රණාල හිමියෝ හාන්සියි

416

මේ වනවිට වෙළෙදපොළේ කඩදාසි මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි මුද්‍රණාල හිමියෝ පවසති.

ඩොලර් හිඟය නිසා ආනයනය කරන සියලූ කඩදාසි ඇතුළු ලිපිද්‍රව්‍ය සහ බෝඞ් වර්ග වරායෙන් නිදහස් කර ගැනීමේ ප‍්‍රමාදයක් පවතින බවද මේ නිසා තමන් බලවත් දුෂ්කරතාවට මුහුණ දී සිටින බවද මුද්‍රණාල හිමියෝ කියති.

එසේම ලිපිද්‍රව්‍ය ආනයනකරුවන් රටේ පවතින විදේශ විනිමය හිඟය හමුවේ හිතූ හිතූ අධික මිල ගණන්වලට කඩදාසි ඇතුළු ලිපි ද්‍රව්‍ය මිල නියම කිරීමට පටන්ගෙන ඇතැයිද මුද්‍රණ වියදම් විශාල ලෙස ඉහළ යෑමට මේ තත්ත්වය හේතුවී ඇතැයිද මුද්‍රණාල හිමියෝ පවසති.

පොත් මුද්‍රණය කිරීමට ගන්නා ප්ලේට් වර්ගද සියයට 50 කින් පමණ ඉහළ ගොස් තිබේ.

එසේම අභ්‍යාස පොත් ඇතුළු පාසල් ලිපිද්‍රව්‍ය වියදම්ද මේවනවිට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි පොත් සාප්පු හිමියෝ පවසති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment