කඩවත පේ‍්‍රම පලහිලව්වකට 20 හැවිරිදි තරුණයාගේ ගෙල බෝතල්කටුවකින් කපා මරලා

301

* බාලවයස්කාර පේ‍්‍රමයේ ඛේදවාචකය…

කඩවත, ඇන්ඩෲස් පටුමග ප‍්‍රදේශයේ කුලී කාමරයකදී 20 හැවිරිදි තරුණයකුගේ ගෙලට බෝතල්කටුවකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව 19 හැවිරිදි තරුණයකු පෙරේදා (22 දා) අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය පවසයි.

පේ‍්‍රම සම්බන්ධයක් මෙම ඝාතනයට හේතුවී ඇතැයි පොලිසිය කියයි. පෙරේදා (22 දා) අලූයම සිදුවී ඇති මෙම සිද්ධියේදී ඝාතනයට ලක්වී ඇත්තේ කඩවත, ගෝනහේන පදිංචිව සිටි රාජ් මධුෂාන් නමැති තරුණයෙකි.

21 වැනිදා රාති‍්‍රයේ කඩවත ප‍්‍රදේශයේ සංගීත සංදර්ශනයක් පවත්වා ඇති අතර එහිදී පළමු පෙම්වතාව (ඝාතනයට ලක්ව) දැකීමෙන් පසු තරුණිය එම සම්බන්ධතාවය යළි ගොඩනඟාගෙන තිබේ.

පසුව එම තරුණයා ඇය නැවතී සිටි කුලී කාමරය වෙත පැමිණ ඇත. ඒ පිළිබඳව ආරංචි වූ තරුණිය සමග පේ‍්‍රම සම්බන්ධතාවයක්

ගොඩනඟාගෙන සිටි අනෙක් තරුණයා (සැකකරු) ඇය නැවතී සිටි බෝඩිම වෙත අලූයම 3.00 ට පමණ පැමිණ ඇත. එහිදී දෙදෙනා දැක කෝපයට පත්වූ තරුණයා බෝතල් කටුවකින් ඇන තරුණයාගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි. ගෙල කැපීමෙන් බරපතළ තුවාල ලබා සිටි තරුණයා රාගම ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

මෙම කුලී කාමරයේ නැවතී සිට ඇත්තේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බව හෙළිවිණැයිද පොලිසිය කියයි. මෙම බාලවයස්කාර දැරිය පරිවාස භාරයේ සිට ඉන් පැනවිත් මෙලෙස කුලී කාමරයක සිට ඇතැයි පරීක්‍ෂණවලදී හෙළි වූ බවද පොලිසිය පවසයි. ඝාතනය සිදුකළ සැකකාර 19 හැවිරිදි තරුණයා ඝාතනයට යොදාගත් බෝතල් කටු කැබැල්ල ද සමග කඩවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කඩවත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිරෝෂන් ප‍්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප. විජේරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන පණ්ඩිතරත්න (18899), ලැනරෝල් (48423) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්,  රිචඞ් ජී. සිල්වා – රාගම සහ  මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment