කඩවත හා මහනුවර මරණ දෙකක් තෙල් පෝලිම්වල ඇද වැටී මැරෙති

315

 ජනතාව ඉන්ධන භූමිතෙල්, ගෑස් ලබා ගැනීමට පෝලිම්වල දුක්විඳින අතරේ එහි පීඩනය දරාගත නොහැකිව ඊයේ (20 ද) වන විට මහනුවර හා කඩවත ප‍්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් දෙකකින් මරණ දෙකක් වාර්තා විය.

කඩවත හා මහනුවර මරණ දෙකක් තෙල් පෝලිම්වල ඇද වැටී මැරෙති

 ඒ අතර ඉන්ධන පිරවුම්හල්වල පැය ගණන් රස්තියාදු වන ඇතැම් පුද්ගලයන් සිහිසුන්ව ඇද වැටී රෝහල් ගත කෙරුණු අවස්ථාද තිබේ.

 මහනුවර යටිනුවර වීදියේ ඉන්ධන පිරවුම්හලක පෙරේදා (19 දා) භූමිතෙල් පෝලීමක සිටියදී පාතදුම්බර උඩතලවින්න ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහොමඞ් හනිෆා මොහොමඞ් ඉල්ලියාස් නමැති 71 හැවිරිදි දෙදරු පියෙක් හා ඊයේ (20 දා* කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි ති‍්‍රරෝද රථ රියැදුරෙකු වූ මාකොල දකුණ සිරිමංගල පාරේ 6 වන පටුමගේ පදිංචිව සිටි සමරවීර ආරච්චිගේ එඞ්මන් රිචඞ් පෙරේරා නමැති 70 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස මරණයට පත්වූහ.

 තම ති‍්‍රරෝද රථයෙන් කුලී ගමනක් ගොස් එම මගියා ඇරලවා ඉන්ධන පිරවුම්හලට ගොස් ඇති පෙරේරා මහතා එහිදී ඇද වැටී ඇති අතර ඊට නුදුරින් පිහිටි කඩවත පොලිසියේ නිලධාරීන් වහා කි‍්‍රයාත්මකවී ඔහු රාගම රෝහලට ගෙන ගොස් තිබේ. ඒ වන විට ඔහු මියගොස් සිට ඇත.

 පැය 4 ක කාලයක් මහනුවර යටිනුවර වීදියේ තෙල් පිරවුම්හලක භූමිතෙල් පෝලීමේ තම වාරය එන තෙක් ගත කරමින් සිටි ඉල්ලියාස් මහතාද හදිසියේ සිහිසුන්ව ඇද වැටී ඇති අතර ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළද ඒ වන විටද ඔහු මියගොස් සිට තිබේ. ඔහු සිද්ධිය වූ ස්ථානයේ සිට රෝහල කරා රැුගෙන යෑමට සෑහෙන වේලාවක් ගත වී ඇති බවද පෙරේදා සවස 4.40 ට පමණ එම සිදුවීම වාර්තාවී තිබේ.

 සමන්තී වීරසේකර, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන, කැලණිය – මංගලා මදුරප්පෙරුම, බියගම – සුදත් ප‍්‍රබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment