කඩාවැටුණු පිටකොටුවේ තොරණ ප්‍රදර්ශනයට උපරිම උත්සාහ කරනවා

118

වෙසක් පොහොය යෙදුණු ඊයේ (15 වැනිදා) දිනයේ සිට මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට ඉදිකර තිබූ පිටකොටුව තොරණ පෙරේදා (14 දා) කඩාවැටී තිබේ. පෙරේදා පස්වරුවේ හමාගිය අධික සුළං තත්ත්වය හේතුවෙන් තොරණ කඩාවැටී තිබේ. තොරණ එම ස්ථාය ආසන්නයේ ඇති ලංකා ස්වයං රැකියා වෙළෙඳ මධ්‍යස්ථානය දෙසට වන්නට ඇලවී තිබෙන ආකාරය දැකගත හැකිවිය. කෙසේ වෙතත් තොරණ මහජන ප්‍රදර්ශනයට උපරිම උත්සාහයක් ගන්නා බව තොරණ සංවිධායකයෝ “දිවයින” ට පැවසූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූප – ධර්මසේන වැලිපිටිය
 

advertistmentadvertistment
advertistmentadvertistment