කඩුගන්නාවට අනතුර අගවන සංඥා

454

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව නායයෑම් අවදානමක් සහිත කොටසේ දෙපස ස්වයංක්‍රීය පූර්ව දැනුම් දීමේ සංඥා පද්ධති සවිකිරීමට සැලසුම් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි  කරුණාවර්ධන මහතා පවසයි.ඉහළ කඳුකර ප්‍රදේශයේ කිසියම් විස්තාරණ වීමක් සම්බන්ධයෙන් සලකුණක් පහළ වුවහොත් එසැනින් ස්වයංක්‍රීය සංඥා පද්ධතිය ක්‍රියාත්මක වන අතර ඒ අනුව වහා ක්‍රියාත්මක වෙමින් මාර්ගයේ ගමනාගමනය නතර කරදැමීමට හැකිවන බවද ඒ මහතා  කීය.මේ වන විට අවදානම් සහිත ්‍රදේශයේ අවදානම් තත්ත්වය තරමක් පහව ගොස් ඇති අතර තිරස් විහිදුම් භාවිතයෙන් භ්‍යන්තරය තිබූ ජලය පිටතට ගත් බවත් මතුපිට ජල වහන රටාව යථාවත් කිරීමට හැකිව ඇති බවත් ඒ මහතා කීය.කාලගුණ තත්වය සමනය ව පවතින්නේ නම් ඉක්මන් තීරුවක් පමණක් විවෘත කොට ගමනාගමනයට පහසුකම් සැලසීමට සාකච්ඡා කරමින් සිටින බව ද තවදුරටත් වර්ෂා තත්ත්වය පැවතිය හොත් ස්වයංක්‍රීය පූර්ව දැනුම් දීමේ සංඥා පද්ධති සවි කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීමට සිදුවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment