කඩුගන්නාව කුඩු වෙන වැඩක් හෙළිවේ

399

කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ නැමැති අය නගරාධිපති ලෙස දක්වමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස්කර ගැනීම සඳහා තම අත්සනින් නිකුත් කළ ලිපියක් වෙනස්කර කූඨ ලේඛණයක් සකස්කර තිබෙන බවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා පොලිස් වංචා විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සභාපතිවරයා කූඨ ලේඛණ ලබාදී විදේශ ගමන් බලපත්‍රයේ රැකියාව ලෙස සඳහන් තීරුවට නගරාධිපති ලෙස යොදාගෙන තිබෙන බව මධ්‍යම පළාත් ආණඩුකාරවරයාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව මගින් අනාවරණය කර ගෙන තිබේ.

අදාළ අතුරු වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලබාදී තිබෙන අතර සභාපතිවරයාගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම නිර්දේශය ඒ මහතා විසින් පක්ෂ ලේකම්වරයා වෙත යොමුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment