කඩුලු 10 ම දවා ගත් ටීෂර්ටයත් වෙන්දේසියේ

549

ඉන්දියාවට එරෙහිව මුම්බායිහිදී පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති ටෙස්ට් තරගයේ ඉන්දීය කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගත් නවසීලන්තයේ දඟ පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් එම තරගයේ ඔහු ඇද සිටි ටීෂර්ටය වෙන්දේසි කර එම මුදල් නවසීලන්තයේ ජාතික ළමා රෝහලට පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ.

එංගලන්තයේ ජිම් ලේකර් සහ ඉන්දියාවේ අනිල් කුම්බ්ලේට පසුව ලොව එවැනි දස්කමක් කළ තෙවැනි ක්‍රීඩකයා ලෙස අජාස් පටෙල් එම තරගයේදී වාර්තා අතරට එක් වූයේය. ස්ටාර්ෂිප් නම් ළමා රෝහලේ විකිරණ අංශය සඳහා අජාස් පටෙල් එම මුදල් පරිත්‍යාග කිරීමට කටයුතු කරමින් සිටී. ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්ගේ අත්සන් අදාළ ටීෂර්ටයේ සටහන්ව තිබෙන අතර ටීෂර්ටය වෙන්දේසි කිරීමෙන් රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ට සහනයක් සැලසීමට හැකි වීම තම සතුටට කරුණක් බව ද අජාස් පටෙල් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment