කඩුලු 7 න් 4 ක් මතීෂ ට සහ මහීෂ් ට

302

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව නිමා වූයේය.කාසියේ වාසිය දිනූ චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුව පන්දුවට පහර දීම සඳහා ලක්නව් කණ්ඩායමට ආරාධනා කළ අතර ලක්නව් ඉනිමේ අවසන් පන්දු වාරයේදී සිට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය නතර කෙරිණි.ඒ වනවිට ලක්නව් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 125 ක් ලබා සිටි අතර එම කඩුලු 7 අතරින් කඩුලු 4 ක් දවා ගැනීමට මතිෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ දෙදෙනා සමත් වූහ.මතීෂ පන්දු වාර 3.2කදී ලකුණු 22 කට කඩුලු දෙකක් දවා ගත් අතර මහීෂ් තීක්ෂණ ලකුණු 37 කට කඩුලු දෙකක් දවා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment