කඩු පොලුවලින් පහරදී  ත්‍රීමලේ මාළු වෙළෙන්දෙක්  මරා දැමූ අය රිමාන්ඩ් භාරයට

512

කඩුවකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කළ පුද්ගලයෙකු ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් පායාසන් රසාක් මහතා නියෝග කළේය.

කඩු පොලුවලින් පහරදී  ත්‍රීමලේ මාළු වෙළෙන්දෙක්  මරා දැමූ අය රිමාන්ඩ් භාරයට

රිමාන්ඩ් කරන ලද්දේ ත්‍රිකුණාමලය මහාමායාපුර පදිංචි තිස් හැවිරිදි තැනැත්තෙකි. ඉකුත් 16 අළුයම් කාලයේ දී කඩු පොලු වලින් හා මිටියකින් පහරදී මරා දමා තිබුණේ ප්‍රදීප් කුමාර (34 හෙවත් බාලේ නම් මාළු වෙළෙන්දෙකි.

කඩු පොලුවලින් පහරදී  ත්‍රීමලේ මාළු වෙළෙන්දෙක්  මරා දැමූ අය රිමාන්ඩ් භාරයට

ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ඇතුළු නිලධාරින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

කන්තලේ ඩබ්.එම්.වික්‍රමසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment