කඩේට ගිනි තැබූ සැකකරු ඇල්ලූ කිසා

703

ගාල්ල හියාරේ උඩදෙණිය ප‍්‍රදේශයේ සිල්ලර වෙළෙඳසලක් 18 දා රාති‍්‍ර කිසියම් පුද්ගලයකු විසින් පෞද්ගලික කෝන්තරයක් මත ගිනි තබා විනාශකර ඇත.

කොක්මාදුව හෙට්ටිගේ සංජීව නිශාන් මෙම වෙළෙඳසලේ හිමිකරුය. එම ගොඩනැඟිල්ල කුලී පදනම මත එම වෙළෙඳසල පවත්වාගෙන ගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි. පෙරේදා 19 දා ගාල්ල පොලිසියේ නිල සුනඛ 1462 කිසා, එම ස්ථානයේ සැකකරු විසින් දමාගොස් තිබූ පිහිතලයක්, ඉව අල්ලාගොස් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. දකුණු පළාත් ඒකක භාර අධීක්‍ෂණ නිලධාරී පොලිස් පරීක්‍ෂක නිමල් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත අක්මීමන පොලිසියේ අපරාධ පරීක්‍ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජනක් ශී‍්‍ර මහතාගේ මෙහෙයවීමෙන් නිල සුනඛ 1462 කිසා භාර නිලධාරි (90043* පො.කො. පි‍්‍රයනාත් මහතා එක්ව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගෙන ඇත. මෙම වෙළෙඳසලේ විශාල භාණ්ඩ තොගයක් ගිනිගෙන දැවී ගොස් ඇති අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ අක්මීමන පොලිසිය මගින් සිදුකරනු ලබයි.

උඩුගම – හරිස්චන්ද්‍ර විතානාච්චි

advertistmentadvertistment
advertistmentadvertistment