කඩ වහපු එක අගය කරනවා

373

කොරෝනා පැතිරෙන ප‍්‍රදේශවල වෙළෙඳ ප‍්‍රජාව ස්වේච්ඡුාවෙන් ම ඉදිරිපත් වී තමන්ට සිදුවන පාඩුව පවා නොතකමින් ව්‍යාපාරික ස්ථාන වසා දමා කොරෝනා මර්දනය සඳහා ලබාදුන් සහයෝගය තමන් මහත් සේ අගය කරන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය.

 අත්‍යවශ්‍යම කරුණකට සහ රැුකියා අවශ්‍යතාවලට හැර නිවසින් පිටතට නොයන ලෙසත් ආරක්ෂිතව නිවසේ රැුඳී සිටින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා තිබෙන අවස්ථාවක දී කොරෝනා මර්දනය සඳහා සෞඛ්‍ය අංශ වෙත එම වෙළෙඳ ප‍්‍රජාව ලබාදුන් සහයෝගය ලාභය ගැන නොව ජනතාවගේ ජීවිත ගැන සිතා ගත් තීරණයක් බව ද නගරාධිපතිනිය පැවසුවාය.

 කොළඹ නගරය හා ඒ අවට ප‍්‍රදේශවලින් රෝගීන් වාර්තා වන ප‍්‍රමාණය, ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයන් ද ඇතුළත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් කරුණු ඉදිරිපත් කරමින් රෝසි සේනානායක මහත්මිය පවසන්නේ කොළඹ නගරයේ ද අත්‍යවශ්‍යම සේවාවන් හැර අනෙක් සේවාවන් සහ ව්‍යාපාරික කටයුතු සති කිහිපයකට නැවත්වීම වඩාත් ඵලදායී වනු ඇති බවයි. සෞඛ්‍ය අංශ කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටිය දී එයට සහාය දීමක් ලෙස නගරවලට ජනතාව පැමිණීම වැළැක්වීම සඳහා ඔවුන් එලෙස තීරණය කර තිබීම මෙවැනි අවස්ථාවක අගය කළ යුතු ක‍්‍රියාවක් බව ද ඇය සඳහන් කරයි.

 ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය මේ වෙලාවේ රටේ ආර්ථිකය සහ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යමින් කොරෝනා පාලනය සඳහා දැඩි උත්සාහයක නිරතව සිටිනවා. නගරාධිපතිනිය හැටියට මම සියලූම ජනතාවගෙන් සහ ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සංචරණය සීමා කිරීම සඳහා ඔබේ සහයෝගය උපරිම ආකාරයෙන් ලබාදෙන්න කියායි. කොරෝනා පාලනය කිරීමට ඔබේ සහය අත්‍යවශ්‍යයි. ඔබ ලබා දෙන සහයෝගය ඔබේ දරුවන්ගේ, මව් පියන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට ඉතාමත් වැදගත් යැයි ද නගරාධිපතිනිය කීවාය.


 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment