කණගාටුයි-දසුන් ශානක

370


මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම හැමවිටම උපරිමයෙන් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක අද (07) දින උදෑසන ශ්‍රී ලංකාවට පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පැවසීය.

එසේම තමන් ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම පිළිබඳව කනගාටු වන බව ද කී ඔහු එමෙන්ම ඉදිරි දින වල පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන තරගාවලියට සහභාගී වීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් වන බව ද දසුන් ශානක කටුනායක ගුවන් තොටුපළේ දී කීය.

එහිදී වෙනත් කිසිවක් ප්‍රකාශ නොකළ දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම කඩිනමින් ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද දින උදෑසන 08.27 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment