කණ්ඩායමක් ලෙස දැක්වූ දක්‍ෂතා ජයග‍්‍රහණයට හේතු වුණා – එස්. එල්. සී. ආරාධිත තරගාවලියේ ශූරතාවය දිනූ ගේ‍්‍රස් නායක දසුන් කියයි

159

* දසුන්ගේ ත්‍යාග මුදල් කළුබෝවිල රෝහලට

එස්. එල්. සී. ආරාධිත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සඳහා තම කණ්ඩායමේ සියලූ කී‍්‍රඩකයන් එකාවන්ව සහයෝගය ලබාදුන් බවත් කණ්ඩායමක් ලෙස එකිනෙකා අවබෝධයෙන් කටයුතු කිරීම නිසා මෙම ජයග‍්‍රහණය ලබා ගැනීමට හැකි වූ බවත් ජයග‍්‍රාහී ගේ‍්‍රස් කණ්ඩායමේ නායක දසුන් ශානක තරගාවලිය අවසානයේදී ප‍්‍රකාශ කළේය.

කණ්ඩායමක් ලෙස දැක්වූ දක්‍ෂතා ජයග‍්‍රහණයට හේතු වුණා - එස්. එල්. සී. ආරාධිත තරගාවලියේ ශූරතාවය දිනූ ගේ‍්‍රස් නායක දසුන් කියයි
කණ්ඩායමක් ලෙස දැක්වූ දක්‍ෂතා ජයග‍්‍රහණයට හේතු වුණා - එස්. එල්. සී. ආරාධිත තරගාවලියේ ශූරතාවය දිනූ ගේ‍්‍රස් නායක දසුන් කියයි

එස්. එල්. සී. විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පෙරේදා (24 දා) රාතී‍්‍ර මහනුවර පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණු අතර දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඞ්ස් කණ්ඩායම පරාද කරමින් ලකුණ 42ක ජයග‍්‍රහණයක් ලැබීමට ගේ‍්‍රස් කණ්ඩායම සමත් විය.

ආරම්භක පිතිකරු මිනෝද් භානුක ලකුණු 74ක්, නුවනිදු ප‍්‍රනාන්දු ලකුණු 47ක් සහ දසුන් ශානක නොදැවී රැුස් කළ ලකුණු 48ක් සමගින් ගේ‍්‍රස් කණ්ඩායම ලබා ගත් ලකුණු 201ක ඉලක්කය හඹා ගිය රෙඞ්ස් කී‍්‍රඩකයන් පන්දුවාර 19.4 කදී සියලූ දෙනා දැවී රැුස් කළේ ලකුණු 159ක් පමණි.


රෙඞ්ස් කී‍්‍රඩකයන්ට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පුලින තරංග, නුවන් ප‍්‍රදීප් සහ මතීෂ පතිරණ කඩුලූ දෙක බැගින් දවා ගත් අතර අශේන් ඩැනියෙල්, දසුන් ශානක සහ ලහිරු මධුසංක එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 202ක් හඹා යෑමට පිවිසි රෙඞ්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප‍්‍රනාන්දු දැවී ගියේ මතිෂ පතිරණගේ පන්දුවකට එල්ල කළ පහරක් හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි පුලින තරංගගේ විශිෂ්ට පන්දු රැුකීම හමුවේය. මතීෂගේ පන්දුවකට අවිශ්ක එල්ල කළ පහර හතරේ සීමාවට ඉහළින් ඇදී යන අවස්ථාවේදී සීමාවෙන් එපිටට පැන පන්දුව කී‍්‍රඩා පිටිය තුළට තල්ලූ කර නැවත එය උඩ පන්දුවක් ලෙස රැුක ගැනීමට පුලින තරංග සමත් විය. රෙඞ්ස් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවමින් පිතිහරඹයේ යෙදුණු ඕෂධ ප‍්‍රනාන්දු යෝධ හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමගින් පන්දු 27 කදී ලකුණු 46ක් රැුස් කළ ද පුලින තරංගගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඕෂධට පිටියෙන් ඉවත් වීමට සිදු විය.

තරගාවලියේ ජයග‍්‍රහණය පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ දසුන් ශානක ‘‘මේ තරගාවලිය ඉතා හොඳ එකක්. ඉන්දියාව සමග පැවැති තරගාවලියේදීත් මේ තරගාවලියේදීත් හොඳින් ලකුණු ලබා ගැනීමේ උවමනාවක් මට තිබුණා. අවසානයේදී එය ඉටු කර ගැනීමට හැකි වුණා’’

දසුන් ශානක මෙම තරගාලියේදී තරග 6කදී ලකුණු 258ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම තරගාවලියේ වීරයා බවට ද පත් වූ අතර ඔහු එහිදී අර්ධ ශතක දෙකක් රැුස් කළ අතර අවසන් මහා තරගයේදී ද පන්දු 17කදී නොදැවී ලකුණු 48ක් ලබා ගනිමින් ගේ‍්‍රස් කණ්ඩායම ජයග‍්‍රාහී සීමාවට ගෙන ආවේය.

තරගාවලියේ වැඩිම හයේ පහරවල් (14) සහ හතරේ පහරවල් (24) එල්ල කිරීමේ ගෞරවය ද තම නම ඉදිරියේ සටහන් කර ගත් දසුන් ශානක තමන්ට අමතක නොවන තරගාවලියක් බවට එස්. එල්. සී. තරගාවලිය පත් කර ගත්තේය. තරගාවලියේ වීරයා වීමට හැකි වීම පිළිබඳව තවදුරටත් ඔහු ප‍්‍රකාශ කළේ සියලූ කී‍්‍රඩකයන් ලබාදුන් සහයෝගය නිසා තමන්ට මේ තත්ත්වයට ළඟා වීමට හැකි වූ බවයි.

අවසන් තරගයේ වීරයා බවට පත් වූ මිනෝද් භානුක පන්දු 51කදී ලකුණු 74ක් රැුස් කළ අතර ඊට හතරේ පහර 12ක් එල්ල කරන්නට මිනෝද් භානුක සමත් විය. තරගාවලියේ පළමු තරග කිහිපය පුරාවට අසාර්ථකව සිටි මිනෝද් භානක අවසන් මහ තරගයේදී ලකුණු අතරට පැමිණි අතර ඒ පිළිබඳව මිනෝද් අවසන් තරගයෙන් පසුව ප‍්‍රකාශ කළේ ‘‘මට නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ. මැච් 5 දීම ලකුණු තිස් ගණනයි ගහලා තිබුණේ. මට පුළුවන් දේ කරනවා කියලා තමයි ආවේ. අන්තිමට හොඳ ප‍්‍රතිඵලයක් ලැබුණා’’ බවයි.

තරගාවලියේ ශූරතාවය වෙනුවෙන් ගේ‍්‍රස් කණ්ඩායමට රුපියල් ලක්ෂ 20ක මුදලක් පිරිනැමුණු අතර අනුශූරතාවය දිනූ රෙඞ්ස් කණ්ඩායමට රුපියල් ලක්ෂ 15ක මුදල් ත්‍යාග පිරිනැමිණි.

තරගාවලියේ වීරයා ලෙස තමන්ට ලැබුණු රුපියල් දෙලක්ෂයක මුදල සහ තම කණ්ඩායමට ලැබුණු මුදලෙන් කොටසක් ද කළුබෝවිල රෝහලට අවශ්‍ය වෙන්ටිලේටර් උපකරණ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කරන බව ද ගේ‍්‍රස් කණ්ඩායමේ නායක දසුන් ශානක ප‍්‍රකාශ කර සිටියේය.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment