කණ්ඩුලගේ ප්‍රහාරයෙන් ඇත්ගොව්වා මරුට

500

රඹුක්කන අලි අනාථාගාරයේ සිටින ගැමුණු කණ්ඩුල නමැති අලියා විසින් 08 වැනිදා උදේ 8 ට පමණ කරන ලද පහරදීමකින් එම අලියාගේ භාරකරු හෙවත් ඇත්ගොව්වා බරපතළ තුවාල ලබා කෑගල්ල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව උදෑසන 10.00 ට පමණ මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ රඹුක්කන නවගමුව පදිංචිව සිටි 42 හැවිරිදි ඩබ්ලිව්. පී. මෙත්තානන්ද නම් අයෙකි. මේ සම්බන්ධ පරීක්‍ෂණය රඹුක්කන පොලිසිය මගින් සිදු කරයි.
කෑගල්ල – එම්. බී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment