කතක් ගසක් උඩ නැග කළ විරෝධයක්

249


තම ඉඩම සම්බන්ධයෙන් පවතින ආරවුලකට විසදුම් ලබා ගැනිම සදහා 40 හැවිරිදි දෙදරු මවක හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට කොහොඹ ගහක නැගී ඊයේ විරෝධතාවයක නිරත විය. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට ගියද එහි නිළධාරීන් ඊට නිසි විසදුමක් ලබා නොදී අවස්ථා කිහිපයකදිම තමන්ට බැන වැදී එළවාගත් බව පවසමින් අය මෙලෙස විරෝධතාවයේ නිරත වීමට හේතුව විය.මෙලෙස විරෝධතාවයේ නිරතවූයේ අම්බලන්තොට,කොග්ගල්ල පදිංචි 40 හැවිරිදි එච්.එම්.කුසුමාවතී නැමති දෙදරු මවකි.
හම්බන්තොට පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින් කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ අදාල ගැටළුව සදහා විසදුමක් ලබා දිමට දිස්ත්‍රික් ලේකම් වරයා හමුවට ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුවෙන් පසු කාන්තාව ගසින් බිමට බැස දිස්ත්‍රික් ලේකම් වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.කාන්තාව ගස උඩට නැග තිබුනේ විසදුමක් ලබා නොදුනහොත් ගස උඩ සිටම සිරුරට පෙට්‍රල් දමා ගිණි තියා ගන්නා බව පසවමිනි.ඒ සඳහා ඇය අත තිබූ බෑගයේ පෙට්‍රල් බෝතලයක්ද විය.

advertistmentadvertistment
advertistmentadvertistment