කතක් මාස 6 ක් සීඅයිඞීයේ

732

ඒ ජේ. ඒ. අබේනායක
 
 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධී ලෙස ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුුවට ගෙන අධිකරණයට හෝ ඉදිරිපත් නොකොට 36 හැවිරිදි ද්‍රවිඩ කාන්තාවක් මාස හයකට අධික කාලයක් ර`දවා තබා ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 9 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නීතිපතිවරයා පොලිස්පතිවරයා හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිසකට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
 
 නීතිඥ එම්. ඒ. මතීෂ් මහතා විසින් කල්මුණේ පදිංචිකාරියක වන කරුපයියා සෙල්වකාන්ති නැමැත්තිය වෙනුවෙන්
 
 ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ රාසික් සාරුක් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ ප‍්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ හා ඒ. එච්. එම්. ඞී. නවාස් යන විනිසුරු ම`ඩුල්ල එම නියෝගය කළහ.
 
 පසුගි ජනවාරි 28 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මඩකලපුව කල්ලඩි ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ එම කාන්තාව රඳවා ගෙන ප‍්‍රශ්න කිරීම සඳහා නිකුත් කළ බව කියන රැු`දවුම් නියෝගය හෝ මේ දක්වා ඉදිරිපත් කිරීමට අපොහොසත්වී ඇති විමර්ශන නිලධාරීන් තංගල්ල ප‍්‍රදේශයේ පිහිටි රැුඳවුම් කඳවුරක රඳවාගෙන සිටින ඇය හමුවී උපදෙස් ලබා ගැනීමට ඇගේ නීතිඥවරුන්ට පවා ඉඩ නොදෙන බව ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. අත්අඩංගුවට ගනු ලැබුවේ කුමන චෝදනාව සම්බන්ධයෙන් දැයි දැන ගැනීමට ඇයට හා ඇගේ ඥාතීන්ට ඇති අයිතිය පමණක් නොව නීතිඥවරුන් හමුව ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම පවා අහිමිකර හිතුවක්කාරී ලෙස රඳවාගෙන සිටින ඇයට අවශ්‍ය ප‍්‍රතිකාර හා ආහාර පවා ලබාදී නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. විදේශ රටක රැුකියාවක නිරත සිය පෙම්වතා හමුවීමට එරටට යෑම සඳහා කටයුතු කිරීමට පැමිණි අවස්ථාවේදී ඇයව අත්අඩගුවට ගෙන ඇති බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඇයව වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරනා ලෙසත් එලෙස අත්අඩංගුවේ රඳවාගෙන තැබීම නීතිවිරෝධී බවට නිගමනය කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා හා එහි ස්ථානාධිපතිවරයා නම් කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment