කතරගම අලි ඝාතන ඉහළට – විවිධ පිරිස් වනාන්තර එළිකිරීම නිසා අලි ගම්වදිති

308

කතරගම ප‍්‍රදේශය අවට වනයේ සැරිසැරූ අලි ඇතුන් ඝාතනය කිරීම වැඩි වී තිබේ. ඊයේ (15) වැනි දින උදැසන කතරගම සමෟධි වැව ආසන්නයට පැමිණි ඇතකු මරා දමා ඇත් දළ යුගළ ලබා ගෙන තිබේ.

කතරගම  අලි ඝාතන ඉහළට - විවිධ පිරිස් වනාන්තර එළිකිරීම නිසා අලි ගම්වදිති

මෙයට අමතරව (14) වැනි දින ද කතරගම ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයට අයත් ලූණුගම්වෙහෙර මායිම්ව ඇති වෙහෙරකෙම වැව ආසන්නයේ හේනක වන අලියකු දැඩි ලෙස ගිලන්ව වැටී සිටිති. වයස අවුරුදු 04 ක් තරම් වූ මෙම අලි පැටවා ආහාර ගැනීමේ අපහසුතාව මත දැඩි ලෙස ගිලන් වී ඇත මෙම අලි පැටවාගේ මුඛය දැඩි ලෙස තුවාල වීම මත දිව තුවාල වී ඇති අතර වනජිවි නිලධාරින් සැක කරනුයේ හක්ක පටස් නමැති පුපුරණ ද‍්‍රව්‍ය ආහාරයක් සමග කෑමට දීම මත මෙම අලියා තුවාල ලබාඇති බවයි. අලියාට ප‍්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරින්් කි‍්‍රයා කරමින් සිටීි. මේ වනවට ප‍්‍රදේශයේ වනයන් විවිධ වූ පිරිස් අත්පත් කරගෙන එළිකිරීම මත මෙම වන අලින් ගම් වදින බව ප‍්‍රදේශ වාසීන් පවසයි.

කතරගම කේ. ඞී. දේවපි‍්‍රය
 

advertistmentadvertistment
advertistmentadvertistment