කතරගම ඇතාගේ ඇත් දළ දෙක සමග සැකකරුවෝ අත්අඩංගුවට

377

පසුගියදා කතරගම ගෝතමීගම සමෘද්ධි වැව ආසන්නයේ දී ඝාතනය කරන ලද ඇතාට අයත් දළ යුගළ ඊයේ (18දා) සොයා ගැනීමට පොලිසියට හැකිවිය.

 අඩි තුනයි අඟල් හයක් උස ඇති දළ යුගළ වටප‍්‍රමාණය අඟල් 07 කි ඇතාගේ උස අඩි 06කි. මෙම දළ යුගළ කතරගම ගෝතමීගම ප‍්‍රදේශයේ ඉඩමක දමා ගොස් තිබිය දී සොයාගෙන තිබිණි. තංගල්ල දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙම දළ යුගළ සොයා ගෙන තිබේ. මෙම දළ යුගළට හිමි ඇතා මරණ ලද සැකකරුවන් දෙදෙනකු සමග තුවක්කුව හා ඇතාගේ වලිගය සහ පොරොව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

 මෙම වැටලීම තංගල්ල දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි මහතා ප‍්‍රමුඛ නිලධාරීන් විසින් සිදු කරන ලදී.

කතරගම – කේ. ඞී. දේවප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment