කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදන් වීම ගැන පොලිස් පරීක්ෂණ අරඹයි

619

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු විසින් ලබා දුන් පවුම් 38 ක රන් තැටිය අතුරුදන් වීම සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් පොලිස්පතිට කරන ලද පැමිණිල්ලක් මත කොළඹ විශේෂ දූෂණ මර්දන ඒකකයෙන් පොලිස් කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ පවත්වයි.

2019 වර්ෂයේ දී පාතාල නායකයකු වූ අංගොඩ ලොක්කාගේ ඥාති පුතකු විසින් මෙම රන් තැටිය දේවාලයට පූජා කර තිබේ. එහෙත් මෙම තැටිය කතරගම දේවාලය ඇතුල් මාලිගයට ලැබී නොමැති අතර පසුව අදාළ පූජා කල පිරිස් විසින් මෙම පූජා භාණ්ඩය සම්බන්ධයෙන් බස්නායක නිළමේවරයා දැනුවත් කිරීමෙන් පසුව මෙහි විමර්ශන ආරම්භ කර තිබේ.

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් පූජා කරන රන් භාණ්ඩ බස්නායක නිල කාර්යාලය වෙත ලබා දීමේ නීතියක් පවතී. එහි දී රන් භාණ්ඩයේ බර කිරා එහි ස්වභාවය ලේඛන ගත කර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවේ.

අදාළ භාණ්ඩය දේවාලයට ලැබීමෙන් පසුව අදළ මාසයේ තේවාබාර කපු මහතා බාරගෙන එය සුරක්ෂිතව දේවාලයේ මාලිගයේ තැම්පත් කිරීම සම්ප‍්‍රදායයි.

මාස කීපයකට වරක් බෞද්ධ කටයුතු දෙපාර්තමෙන්තුවේ නිලධාරින් පැමිණ මෙම එක් වූ රන් භාණ්ඩ බැංකුවකට ඉදිරිපත් කර බර කිරා බැතිමතුන් ලබා දුන් රණ් භාණ්ඩ උරගා බැලීමෙන් පසුව නැවත දේවාලයේ තැම්පත් කිරීම සිදුවේ.

දේවාලයට අදාළ සියලූ‍ම භාණ්ඩ ලේඛන ගත කර දේවාලයේ ගබඩා බාරකාර කපු මහතා බාරයට ගනු ලබයි.

මේ වනවිට අතුරුදන්ව ඇති මෙම රන් තැටිය දේවාලයට ලැබී නොමැති බව කපු මහත්වරුන් පවසති. මේ සම්බන්ධව වගකීම දේවාලයේ ගබඩා බාරකාර කපු මහතා විසින් බාරගත යුතු බව කපු මහත්වරු පවසති.

මේ වනවිට දින කීපයක් පුරා මෙම පරීක්ෂණ පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා විසින් ලබා දුන් නියෝගයක් මත සිදු කරති. ඊයේ (02* වැනි දින දේවාලයේ කපු මහත්වරුන් කීප දෙනකුගෙන් සහ

ගබඩා බාර කපු මහතාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම ආරම්භ කරන ලදී.

මෙම සිදුවීම 2019 දී සිදු වූ සිද්ධියක් වන අතර වර්තමාන බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ නිල කාලයේ දී සිදු වුවක් නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment