කතරගම ප‍්‍රාදේශීය සභාව දැඩිව උණුසුම් වෙයි

272

පොදු ජන පෙරමුණේම මන්ති‍්‍රවරුන් පස්දෙනකු සමග විපක්ෂයේ මන්ත‍්‍රිවරුන් එක්ව සභාවේ සභාපති චනක අමිල් රංගන මහතා ඒකමතිකව ගන්නා තීින්දු තීරණ හෙළා දකිමින් සභාවේ දී විරෝධතාවයක් දැක්වූ අතර සභාවේ සිදු කරන වියදම් නිසි ලෙස තම මන්ත‍්‍රීවරුන්ගේ

අනුමැතියෙන් තොරව සභාපතිවරයා විසින් තනි තීිරණ වලට අනුව වියදම් කරන බව පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සභාවේ දී සඳහන් කළේය.

මේ වනවිට සභාවේ පරිපාලනය සිදු කරන ලේකම්වරයා සම්බන්ධව කිසිදු විශ්වාසභාවයක් නොමැති බවත් ඔහු ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටියත් එය නිසි ලෙස සිදු නොවන බව මන්තී‍්‍රවරුන් පැවසීය. කතරගම ප‍්‍රාදේශීය සභාවේ බලය පොදු ජන එක්සත් පෙරමුණට හිමි වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනයෙන් මන්තී‍්‍රවරු දෙදෙනෙක් සිටිති. එක්සත් ජාතික පක්ෂයට මන්ත‍්‍රීවරුන් 04 දෙනකු සිටින අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ එක් මන්තී‍්‍රවරයකු ද මහජන එක්සත් පෙරමුණට එක් මන්ති‍්‍රී අසුනක් ද හිමිව තිබේ. මෙම මන්ත‍්‍රීවරුන් සමග පොදු ජන පෙරමුණේම මන්ත‍්‍රීවරුන් 08 දෙනකු සමග කතරගම ප‍්‍රාදේශීය සභාවේ පාලනය වත්මන් සභාපති චානක අමිල් රංගන මහතා විසින් සිදු කරමින් සිටී. සභාවේ යෝජනා සහ මුදල් වියදම් සම්බන්ධව යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභාපති චානක අමිල් රංගන මහතා අසුනෙන් නැ`ගිට යන ලදි. මෙහිදී අදහස් දැක්වූ සභාවේ වර්තමාන උප සභාපති (ආණ්ඩු පක්ෂයේ* ඞී.වී. ශාන්ත මහතා පැවසුවේ, අපි ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්, අපිට කතා කරන්න අදහස් ප‍්‍රකාශ කරන්න අවස්ථාවක් සභාපතිවරයා දෙන්නේ නෑ යනුවෙනි. ඔහුට අවශ්‍ය මුදල් සභාවෙන් අනුමත කර ගන්නවා. අපිත් මහජනතාව පත් කරපු මන්ත‍්‍රීවරුන් අපිටත් අයිතියක් තියෙනවා, වියදම් වන මුදල් සම්බන්ධයෙන් අහන්න. නමුත් සභාවේ සභාපතිවරයා රැුස්වීම පවත්වලා මන්ත‍්‍රිවරුන් කතා කරන්න පෙර යනවා. මේවා දිගින් දිගටම සිදු වෙනවා. අපි පිහිටුවා ගත්ත සභාවේ අපිට තීන්දු තිීරණ අහන්න බලන්න අවස්ථාව අහිමි කරලා.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී සභාවේ විපක්ෂ නායක ඞී. ජී. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ගම නියෝජනය කරන මන්තී‍්‍රවරුන් 16 ක් සභාවේ ඉන්නවා. ඒ අයට අදහස් ප‍්‍රකාශ කරන්න අවස්ථාවක් නෑ. මෙවැනි මහ සභා රැුස්වීම් තියල වැඩක් නෑ. ගිණුම් වාර්තා වැරදියි. මේවා අහන්න ඉඩක් දෙන්නේ නෑ යනුවෙනි. සභාපතිවරයා අදහස් දක්වමින්, මම වැඩ කරන්නේ ප‍්‍රාදේශීය සභාවේ 87 දරන ආඥාපනතට අනුව නීිත්‍යනුකූලවයි. සභා රැුස්වීම පැවැත්වෙන්න සතියකට පෙර සෑම මන්ත‍්‍රීවරයකුටම දීල තියෙනවා කල්තියා ගැටලූ ඉදිරිපත් කරන්න කියලා. නමුත් එසේ කරන්නේ නෑ. සභාවේදී තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මුල් කරගෙන ඉල්ලීම් ඉල්ලනවා. මේ අය හදන්නේ විපක්ෂයට සභාවේ බලය අරන් දෙන්න. මම පළාත් පාලන කොමසාරිස්, ආණ්ඩුකාරවරයා දෙන නියෝගයන් අකුරටම ඉටු කරනවා. මම බය නෑ. මම සභාවේ එක ශතයක් අයුතු ලෙස වියදම් කරලා නැහැ.

කතරගම – කේ.ඞී. දේවපි‍්‍රය
 
 

advertistmentadvertistment
advertistmentadvertistment