කතරගම ප‍්‍රා සභාපතිගේ ධුරය සති දෙකකට අත්හිටුවයි

101


කතරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සභාපති ධුරය දින 14කට අත්හිටුවීමට හම්බන්තොට මහාධිකරණය අද නියෝග කළේය.ප‍්‍රාදේශී සභාවේ උප සභාපති ඇතුළු මන්ත‍්‍රීවරු 06 දෙනෙකු විසින් සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.සභාවේ අය වැය දෙවරක් පරාජයට පත්වීමත් සමග තවදුරටත් සභාව පවත්වාගෙන යාමට විරෝධය පල කරමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment