කතරගම ප‍්‍රා. සභා දේශපාලනඥයෙක් රක්ෂිතයේ අක්කර 178ක් අල්ලලා – වන සතුන් දඩයමත් ජයටම

188

විනාශ කර ඇති වනාන්තරවලින් කොටසක්

මේ වන විට කතරගම ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ සහ ලූණුගම්වෙහෙර රක්ෂිත සීමාවන් සියල්ල හේන් කරන මුවාවෙන් ඇති හැකි පිරිස් ගස් වැල්කපා වනය ගිනි තබා විනාශ කර තිබේ.

කතරගම ප‍්‍රා. සභා දේශපාලනඥයෙක්  රක්ෂිතයේ අක්කර 178ක් අල්ලලා - වන සතුන් දඩයමත් ජයටම
මද්දකට හසුවූ මුවෙක්

කතරගම ප‍්‍රාදේශීය සභාවට අයත් එක් මන්තී‍්‍රවරයකු විසින් අක්කර 178 ක් පමණ සෙල්ල කතරගම කොහොඹ දිගාන ප‍්‍රදේශයේ සහ කරවිලේ, වෙහෙරකොම යන රක්ෂිත සීමාවන් අල්ලා ගෙන ඇත.

කතරගම ප‍්‍රා. සභා දේශපාලනඥයෙක්  රක්ෂිතයේ අක්කර 178ක් අල්ලලා - වන සතුන් දඩයමත් ජයටම

මෙයට අමතරව තවත් පිරිසක් මහ වනය කපා ගිනිතබා වැට මායිම් කර දීමට අක්කරයට රුපියල් (50,000) පනස්දාහේ සිට රු. ලක්ෂය දක්වා මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වී සිටී.

කතරගම ප‍්‍රා. සභා දේශපාලනඥයෙක්  රක්ෂිතයේ අක්කර 178ක් අල්ලලා - වන සතුන් දඩයමත් ජයටම

මෙයට අමතරව යාල වන සීමාවේද ලූණුගම්වෙහෙර වැනි රක්ෂිතයන් තුළ මැණික් ගැරීම පිණිස පතල් වළවල් කැපීම මත වටිනා ගස් රැසක් මේ වනවිටත් විනාශ කර තිබේ.

මෙම හේන් මුවාවෙන් ඉඩම් අල්ලන පිරිස් අතර වැඩිම පිරිසක් ප‍්‍රදේශීය දේශපාලනඥයන් වෙයි. මෙයට අමතරව රජයේ නිලධාරින්, මෙන්ම ආරක්ෂ අංශවලට අදාළ පිරිස් ද මේ අතරවෙයි. වන සංරක්ෂණ නිලධාරීන් ද මෙම වන විනාශයන් සම්බන්ධයෙන් කි‍්‍රයා නොකරනුයේ දේශපාලනඥයන්ගේ හෙංචයියාන්ගෙන් සිදු වන පීඩාවන් නිසා බව එක් නිලධාරියකු පැවසීය.

තවත් ආරක්ෂක අංශ නිලධාරියකු පැවසුවේ මෙලෙස වනාන්තරය විනාශ කරන අය අල්ලලා වන සංරක්ෂණ නිලධාරින්ට බාරදීමෙන් පසුව ඔවුන් අධිකරණයට යොමු කිරීමෙන් පසුව මෙම පිරිස් නැවත අල්ලා ගත් ඉඩම් සංවර්ධනය කරනවා යනුවෙනි.

මෙම නිලධාරීන් නැවත යන විටදී මෙම ඉඩම් ඉල්ලාගත් අය පවසන්නේ අපි නඩු පිට ඉන්න නිසා තීන්දු එන තෙක් වගා කරනවා යනුවෙනි.

මේ වනවිට දිනකට මුවන්, ඌරන්, මී ගවයන් වැනි සතුන් වස දීමෙන් හා මදු ගැසීමෙන් මරා දමන බවත් ඔවුහු පැවසූහ. මෙයට අමතරව පරිසරයට දැඩි හානියක් කරමින් වැලි ගොඩදැමීම ද සිදුවෙමින් පවතී.

විශේෂ වාර්තාකරුවකු විසිනි





දඩයම් කරන ලද  ගෝනකුගේ මස්
 

advertistmentadvertistment
advertistmentadvertistment