කතරගම බැතිමතුන්ට නව ජල පිවිසුම් මාර්ගයක්

1

අතීතයේ බැතිමතුන් කතරගම පුදබිම වෙත පැමිණ තිබුණේ මැණික් ගඟේ ජලයෙන් පා සෝදා පිරිසිදු වීමෙන් පසුවය.

මෙම අතීත ශ්‍රී විභූතිය යළිත් සිහිපත් කර බැතිමතුන්හට කතරගම දේවාලය වෙත පැමිණ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකි ජල පිවිසුම් මාර්ගයක් මැණික් ගඟ හරස් කර මේ වනවිට ඉදිකර ඇත.

මැණික් ගඟේ අංක 02 පාලම අසල මෙම නව ප්‍රාකාරය ඉදිකර තිබේ. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් මත බැතිමතුන්ගේ ආධාර උපකාර මත මෙම ප්‍රාකාරය ඉදිකර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදා සහ ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය මේ සඳහා ලැබී ඇත. ලබන මස කතරගම පැවැත්වෙන ඇසළ මංගල්‍යයට සමගාමීව මෙම ස්ථානය නිල වශයෙන් විවෘතව කිරීම සිදුවේ.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment