කතරගම  මංකොල්ලකෑම්  ඉහළට

240

කතරගම ප්‍රදේශයේ කඩ සාප්පු මංකොල්ලකෑම් දෛනිකව වැඩිවීම නිසා ජනතාව දැඩි පීඩනයට ලක්ව සිටිති. පසුගිය මාස කිහිපයේ සිට මේ දක්වා කතරගම නගරයේ කඩ 20කට වැඩි ප්‍රමාණයක් රාත්‍රි දොරවල් කඩා භාණ්ඩ, මුදල් මංකොල්ල කෑම් සිදුව තිබේ. මෙයට අමතරව නිවෙස් මංකොල්ල කෑම් නිතර සිදුවෙමින් පවතී.

පසුගිය 30 වැනි දින කතරගම අංක 02 පාළම උඩදී වන්දනාවේ පැමිණ දේවාලය වන්දනා කර යමින් සිටි කාන්තාවකගේ පවුමක මාලයක් ද කඩාගෙන ගොස් තිබේ. මේ වන විට කතරගම පළතුරු කඩවල මෙන්ම විවිධ වූ ස්ථාන තුළ සිටින තරුණයන් අයිස් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පිරිස් රැසක් සිටින බවත් මෙම පිරිස් විසින් රාත්‍රි කාලයේදී මෙම මංකොල්ලකෑම් සිදුකරන බවත් කතරගම ජනයා පවසයි. පසුගිය මාසයේදී කතරගම පොලිසිය විසින් නගරයේ කඩ සාප්පු මංකොල්ල කෑ පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. කතරගම නගරයේ බොහෝ ස්ථාන රාත්‍රි කාලයේ අඳුරේ පැවතීම මත වන්දනාකරුවන්ගේ රන් ආභරණ කඩා මංකොල්ලකෑම් නිතර සිදුවන බැවින් නගරයේ අඳුරු ස්ථාන රාත්‍රියේදී විදුලි ආලෝකයෙන් තබන ලෙසත් කතරගම නගරය මෙන්ම ගම් තුළද රාත්‍රි කාලයේදී පොලිස් මුර සංචාර සේවා ලබා දෙන ලෙස කතරගම ජනතාව පොලිසිය ඇතුළු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.

කතරගම – සහන් දේවප්‍රිය
 

advertistmentadvertistment
advertistmentadvertistment