කතරගම මන්තී‍්‍රවරුන්  13දෙනකුට නොතීසි

82

කතරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට හා එම සභාවේ උප සභාපතිවරයා ප‍්‍රධාන පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් 13 දෙනකුට ද ලබන 17 වැනිදා මොනරාගල මහාධිකරණයෙහි පෙනී සිටින ලෙස නියෝග කරමින් මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ මහත්මිය නොසීති නිකුත් කළාය.

කතරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංග මහතා විසින් සිදුකරන ලැදැයි කියන වංචා හා අක‍්‍රමිතාවලට එරෙහිව සභාවේ උප සභාපතිවරයා වන ඞී. වී. ශාන්ත ප‍්‍රධාන මන්ත‍්‍රීවරුන් පිරිසක විසින් පසුගිය 02 වැනිදා මොනරාගල මහාධිකරණයෙහි නඩුවක් ගොනු කරන ලදී. එම නඩුව විභාගයට ගනිමින් පැමිණිලි පාර්ශ්වයේ හා විත්ති පාර්ශ්වයේ කරුණු සලකා බැලීම සඳහා අදාළ පිරිසට නොසීති නිකුත් කරන්නැයි මහාධිකරණ විනිසුරුවරිය අධිකරණයට නියෝග කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලන බලයේ පවතින කතරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සභාපති ධුරය අත්හිටුවන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙසේ මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ එම පක්ෂයේම නියෝජනය කරන උප සභාපතිවරයාගේ මූලිකත්වයෙනි.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි
 

advertistmentadvertistment
advertistmentadvertistment